Slider

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

ඒ අනුව අද තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලින්ට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

2004 වසරේ ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2008 වසර දක්වා එක්දින තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර එය 2012 වසරේ සිට සංවිධාන කර ඇත්තේ T20 තරගාවලියක් ලෙසටයි.

ඒ අනුව කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද සිට 28 වනදා දක්වා පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිනවා.

බී කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල්.

තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය හෙට (20) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.




0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo