ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේ ඝාතනය කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතා හා ඇයගේ සහායකයාව බව පොලීසිය පවසනවා.
ඊයේ පස්වරු 5.50ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.
ඒ, ත්‍රීරෝද රථයක ගමන් කරන කාන්තාවක් ඉලක්ක කරමිනි.
එහිදී අදාළ කාන්තාව හා ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ත්‍රීරෝද රථයේ රියදුරු එම අවස්ථාවේදීම මියගොස් තිබූ බව පසුව පොලීසිය පැවසුවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අළුයම මියගොස් තිබුණා.
පොලීසිය පැවසුවේ එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, කේ. සුනීතා හෙවත් ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතා නම් කාන්තාවක් බවයි.
වෙඩි ප්‍රහාර 5ක් පමණ ඇයට වැදී ඇති බව වාර්තා වනවා.
ඇය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර යුක්තිය මෙහෙයුම ආරම්භවීමත් සමග සැඟව සිට ඇති බව පොලීසිය සඳහන් කළා.
ඇයට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විභාග වන නඩු කිහිපයක් ද ඇති බවද වාර්තා වනවා.
ඇය සමග ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා 31 හැවිරිදි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ.ආර්. දර්ශන නමැති ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාතියෙකි.
ඔහු ඇයගේ මත්ද්‍රව්‍ය ජවාරමේ සහායකයා ලෙස කටයුතු කර තිබෙනවා.
මේ අතර වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි බවට සැකකෙරන යතුරුපැදියක් අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාවාදීම් හා මත්ද්‍රව්‍ය විකිණීම්වලට බාධාකිරීම් සම්බන්ධයෙන් ඇය සමග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අමනාපයෙන් සිට ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරනවා.
එමෙන්ම රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.
No comments
Post a Comment