Slider

සාගල සහ සුසිල් මහින්ද සමග සාකච්ඡාවක

 


ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (27) හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ මහතා සිය විජේරාම නිල නිවසේදී හමුවී තිබෙනවා.

එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව සඳහන් වනවා .

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා තිබෙනවා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සඳුදා (29) දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.

0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo