Slider

තැපෑලේ වියදම් ඇස්තමේන්තුව මැතිවරණ කොමිසම ට

 

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මේ බව පැවසුවා.

ඒ මහතා සඳහන් කළේ සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සඳහා මෙම ඇස්තමේන්තුව යොමුකළ බවයි.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් පමණක් බැවින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස්විමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo